2026 ජූලි 27 සඳුදා, 12:00
නවතම පුවත්

වෛද්‍ය වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඊයේ (23) ආරම්භ කරන ලද වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව දිවයිනේ ප්‍රධාන සහ උප ප්‍රධාන රෝහල් ඇතුළු සියලුම රජයේ රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත්, මානුෂීය හේතූන් මත රෝගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විශේෂ පියවර ගෙන ඇති බව සංගමය අවධාරණය කරයි. ඒ අනුව:

ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා සහ වකුගඩු රෝහල් වර්ජනයෙන් නිදහස් කර ඇත.

සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලැබේ.

විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වර්ජනය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත්ය. සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු විකෘති කර ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහු චෝදනා කළේය.

සාමාන්‍ය බාහිර රෝගී අංශයේ (OPD) කටයුතු අඩපණ වී තිබුණ ද, කිසියම් රෝගියෙකුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි හදිසි සෞඛ්‍ය තත්ත්වයක් පවතී නම් රජයේ රෝහල් මගින් අවශ්‍ය සේවාවන් නොපැකිළිව ලබා දෙන බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහතික වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories