2026 ජූලි 29 බදාදා, 03:28
නවතම පුවත්

මහගිරිදඹේ නාය යයි. ශ්‍රී පාද හැටන් පිවිසුම සීමා කරන්න

ශ්‍රී පාදස්ථානයේ හැටන් පිවිසුම් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ භූ අස්ථාවරතාව පාලනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු, අදාළ අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බව එම සංවිධානය රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පෙරේදා (දෙසැම්බර් 04) මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. NBRO හි විශේෂඥ කණ්ඩායමක් ඉකුත් දෙසැම්බර් 02 වැනිදා එම ස්ථානයේ මූලික නිරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ලබා දී ඇත.

NBRO විසින් ලබා දුන් ප්‍රධාන නිර්දේශ:

  • හානියට පත් පඩිපෙළ ප්‍රතිසංස්කරණය: අස්ථාවර වීම් සිදුව ඇති කොටසේ පවතින හානියට පත් පඩිපෙළේ කොටස, කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යොදා සකස් කළ යුතු අතර, එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මගින් සම්බන්ධ කළ යුතුය.
  • ජල ගැලීම වැළැක්වීම: නාය යෑම සිදුවූ කොටසට තවදුරටත් ජලය ගලා යාම වැළැක්වීම සඳහා පඩිපෙළේ දෙපසට මි.මී. 300ක් පමණ උසැති පැති බැම්මක් ඉදිකළ යුතුය.
  • කුස්තුර වසා දැමීම: අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතුය.
  • සුන්බුන් ඉවත් කිරීම: නාය යෑම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස්/පඳුරු/පස් සහ දෙපසේ රැඳී පවතින අස්ථායි පඳුරු ප්‍රවේශමෙන් ඉවත් කළ යුතුය.

පිවිසීම සීමා කිරීමේ අවශ්‍යතාව:

NBRO විසින් අවධාරණය කර ඇත්තේ, මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවයි.

තවද, මෙම ස්ථානය රාත්‍රී කාලයේදී ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බවද දන්වා ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි හැටන් පිවිසුම් මාර්ගය විවෘත කළ හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories