2026 අගෝස්තු 01 සෙනසුරාදා, 02:32
නවතම පුවත්

ගායන ශිල්පී නදිමාල්ට පහරදුන් අයෙකු අත්අඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07) පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබේ.

පහරදීමේන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පානදුර උතුර පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උත්සව ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා නදිමාල් පෙරේරා නියෝජනය කළ සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබූණි.

සංගීත ප්‍රසංගය අතරතුරදී ඔහු පහළ මහලට බැස ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

තවද පොලීසිය පැවසුවේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලීසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ ප්‍රසංගය සංවිධානය කළ පාසල ද ලබා ගෙන නොමැති බවය.

කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරුවන් අද (07) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සීසීටීවී දර්ශන අධීක්ෂනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories