2026 ජූලි 29 බදාදා, 06:47
නවතම පුවත්

ඡන්ද දවසේ වැස්සට සූදානම් වෙන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සහ ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරන කාලයේ අයහපත් කාලගුණික තත්ත්වයන් මත ආපදා සිදුවුවහොත්, ඊට ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් රාජකාරී කිරීමට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී ඇත.

ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික්/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා මැතිවරණ කොමිෂන් සභාවේ පෙරේදා (10 වැනිදා) පැවැති සාකච්ඡාවේදී මේ බව දැනුම්දී ඇත.

මැතිවරණ කාල සීමාව තුළදී වර්ෂා තත්ත්වය හෝ වෙනත් කාලගුණික සාධක මත ආපදා තත්ත්යක් උද්ගත වුවහොත් ඊට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

මේ දිනවල දිවයිනේ නිරිත දිග කලාපය ආශ්‍රිතව වර්ෂාපතන තත්වයේ යම් වැඩිවීමක් තිබෙන බැවින්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ආපදා සහන සේවා කණ්ඩායම් උපකරණ සහිතව සූදානම් කර තැබීමට කටයුතු යොදා ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු පවසති.

අධික වැසි තත්ත්වයක් යටතේ නායයෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ, පාසල් හා ගොඩනැගිලි සම්බන්ධ වාර්තාවක්ද ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories