ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (01) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවය.