2026 ජූලි 29 බදාදා, 12:28
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ අනංගයෝ හොයන්න කමිටුවක් පත්කරයි

පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්
සිදුකිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

කථානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම කමිටුව පත්කර ඇත.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත්තේ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට පුවත්පත්වල වාර්තා පළවූ බවයි.

“ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම යටත් සේවක සේවිකාවන්ට දිගින් දිගටම ලිංගික හිරිහැර කරනවා. මට ලැබී ඇති තොරතුරුවලට අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. සමහර සැකකරුවන්ගේ වැඩ තහනම් කර ඇති බවත්, තවත් සමහරුන්ට අනිවාර්ය විශ්‍රාම යන ලෙස නියෝග කර ඇති බවත් අපට දන්වා තිබෙනවා” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.

“පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එහි සිටින සේවිකාවන්ට දිගින් දිගටම ලිංගික හිරිහැර කරන බවට වාර්තා වෙනවා. මම කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැන සොයා බලන ලෙසයි. මේ පාර්ලිමේන්තුවේ සේවිකාවන් ලිංගික අතවරවලට ලක් වෙනවා නම් ඒක අපි හැමෝටම බලපානවා. කරුණාකර මේ ප්‍රශ්නය වහාම සොයාබලන්න.” යනුවෙන් ද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

ඊට පිළිතුරු දුන් කථානායකවරයා මේ සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් දැනුම් දී නොමැති බව සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇතැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories