2026 ජූලි 29 බදාදා, 05:19
නවතම පුවත්

කංචන දොට්ටදාපු ලංවිම සේවකයන් 62ක් අලුත් ඇමැති වන්දි දීලා ආයෙත් වැඩට ගනියි

පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.

ලංවිම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කරන ලදැයි කියන ප්‍රයත්නයන්ට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ ලංවිම වෘත්තීය සමිති විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයකින් පසුව මෙම සේවකයන්ගේ වැඩ තහනම් කරන ලදී.

විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර තිබියදී, පාරිභෝගකයන්ට බාධා සිදුවන ආකාරයට විරෝධතාවයේ යෙදී රාජකාරිවලින් වැළකී සිටි සේවකයන්ගේ වැඩ තහනම් කරන ලෙස එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නව පරිපාලනය යටතේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් මෙම අත්හිටුවීම් ආපසු හැරවීම, වරප්‍රසාද යළි ලබාදීම සහ විනය මාරුවීම් අවලංගු කිරීම් සිදුකර ඇත.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ඇතුළු ලංවිම නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්ද සහභාගී වූ උත්සවයකදී යළි සේවයේ පිහිටුවන ලද සේවකයන්ගෙන් සිව්දෙනෙක් ඊයේ (24) දින අමාත්‍ය ජයකොඩි අතින් සිය ලිපි ලබාගත්හ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories