2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:05
නවතම පුවත්

සබරගමුව මහ සමන් දේවාලයේ රන්,රිදී,මුතු,මැණික් තියෙන සේප්පුවල යතුරුත් අතුරුදන් !

සබරගමුව මහ සමන් දේවාලයේ 2024.12.01 දින සිදු කළ විගණනයකින් අඩි 4කට වඩා දිගැති ඇත් දළ ජෝඩු දෙකක් අස්ථානගත වීම ඇතුළු අක්‍රමිකතා රැසක් අනාවරණය වී ඇත.

දේවාලයේ රන්, රිදී, මුතු, මැණික් තැන්පත් කර ඇති සේප්පු දෙකේ යතුරු අස්ථානගත වීම, වාර්ෂික හා අර්ධ වාර්ෂික ආදායම් වියදම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකිරීම, දේවාලය සතු නින්දගම් ඉඩම්වල පතල් කැපීම සඳහා ඉඩම් බදුදීම හා බලපත්‍ර ලබාදීම සම්බන්ධව නිසි ලිපි ගොනුවක් පවත්වා නොගැනීම යන කරුණු හතරක් සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2025.01.20 දිනැති ලිඛිත නියෝගයකට අනුව 1931 අංක 19 දරන විහාර දේවාල ආඥා පනත යටතේ අංක 32 වගන්තිය ප්‍රකාරව රත්නපුර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් රත්නපුර පොලිසියේ විශේෂ බරපතළ වංචා දූෂණ විමර්ශන අංශයට ඉකුත් 20 වැනි දින පස්වරු 5.00ට පමණ මෙම පැමිණිල්ල කර ඇත.

1931 අංක 19 දරන විහාර දේවාල ආඥා පනතේ නිසි බලධරයා ලෙස කටයුතු කරන බෞද්ධ කටයුතු ජනරාල් කොමසාස්වරයා විසින් එවා තිබූ ලිපියකට අනුව රත්නපුර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සිදුකළ මෙම පැමිණිල්ලට අනුව රත්නපුර පොලිසියේ විශේෂ බරපතළ වංචා දූෂණ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව හිටපු බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට නියමිතය.

අවස්ථා දෙකකදී පැවැති පසුගිය ආණ්ඩුව මඟින් හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය දීර්ඝ කිර්මට කටයුතු කර තිබුණත් වත්මන් ආණ්ඩුව මඟින් 2024.12.31 වැනි දිනෙන් හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් කර වැඩ බැලීම සඳහා භාරකාර නිලමේවරයකු පත්කිරීමට කටයුතු කෙරිණි.

මේ වන විට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරි වසර පහේ ධුර කාලය සඳහා නව බස්නායක නිලමේවරයකු තෝරා පත්කිමේ නිලවරණය 2025.02.11 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, එම නිලවරණය සඳහා මෙවැනි ප්‍රබල චරිත රැසක් ඉදිරිපත් වීමට සූදානම් වන බවටද තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධව හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා ඇත.

“ඔය කියන ඇත්දළ තිබෙන දේවාලයේ ඇතුල්කට්ටුවේ උඩ හඳුන්කූඩුව තිබෙන ස්ථානයේ යතුරු භාරව සිටින්නේ කපු මහත්වරු. ඉදිරියෙන් පොලිස් මුරපොළ පිහිටා තිබෙනවා. එහි අවශ්‍ය ආරක්ෂාවත් තිබෙනවා. ඇත් දළ නැතිවීම සම්බන්ධව මම දන්නේ නෑ. අර්ධ වාර්ෂික වාර්තා සියල්ල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. සේප්පු දෙකේ යතුරුත් මට භාර දී නෑ. මගේ පාලන කාලය තුළ ඔය කියන සේප්පු විවෘත කර නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories