2026 ජූලි 31 සිකුරාදා, 02:50
නවතම පුවත්

දැන් රටේ අලුත් නීතියක් – පාරට වැටිච්ච එක ගැන සතුටුයි – හරීන් කියයි

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට එරෙහිව පියවර නොගත්තේ මන්දැයි හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

බදුල්ල පොලිසියට අද ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මෙම ප්‍රශ්නය මතුකළේය.

මහමැතිවරණයට දින කිහිපයකට පෙර බදුල්ල නගරයේ දී, අංක 10 දරන අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ටී ෂර්ට් ඇඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රතු පැහැති ටී ෂර්ට් ඇඳ සිටින ඡායාරූප පෙන්වමින් හරීන් ප්‍රනාන්දු කියාසිටියේ, තමන් ඇඳ සිටි ටී ෂර්ටයේ තම පක්ෂයේ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ නොමැති බවත් තම අපේක්ෂකත්වයට අදාළ අංක 10 ද නොමැති බවත්ය.

නව ආණ්ඩුවද ද පැරණි දේශපාලන ක්‍රමවලට යොමුවෙමින් සිටින බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් නව නීතියක් අනුගමනය කරමින් සිටින බව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට පැමිණෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් දිනයක් දැනුම් නොදුන් බවත්, ඒ හේතුවෙන් තමන් අද පොලිසියට වාර්තා කළ බවත් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ ‘මෙසී 10’ ව්‍යාපාරය හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories