2024 සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළට පළමු දිනයේ තැපැල් ඡන්ද වීමසීමේ දෙවන දිනය (05) පැවැත්වීමට නියෂිතයි
ඊයේ දින (04) දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට (06) දිනයේදීත් පැවැත්වෙනවා, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය
ඊයේ පැවැති තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8.30 සිට ආරම්භ වූ අතර ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4.00 ට අවසන්
කාණ්ඩ කිහිපයක් යටතේ අද සිට ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සහ මැතිවරණ කාර්යාල වල නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවසර හිමිව ඇත.
ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500 කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙනවා.
අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.
මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319ක් සුදුසුකම් ලබා තිබෙනවා