උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025 / 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
හඳුන්වාදෙන ලද වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකා නොබලන අතර, උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමකින් යුත් වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට මෙමඟින් අවස්තාව සැලසේ.