2026 ජූලි 31 සිකුරාදා, 08:11
නවතම පුවත්

ලෝක කුසලානය ලංකාවට සිහිනයක්ම වෙයිද?

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ මාස හතකටත් අඩු කාලයකි – හරියටම දින 206ක්. එහෙත් අපේ ක්‍රිකට් කණ්ඩායම නම් මේ වනතුරුත් ඒ සඳහා සූදානම් බවක් නොපෙනේ. අනෙකුත් රටවල් තම හොඳම ක්‍රීඩකයන් ඔපවත් කරමින් සිටින විට, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තවමත් අත්හදා බැලීම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සිය මව්බිමේදී බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත් විය. මෙය බංග්ලාදේශ කණ්ඩායමක් මෙරටදී ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම තරග ආකෘතියක ලැබූ ප්‍රථම තරගාවලි ජය ලෙස ද ඉතිහාසගත විය. මෙම පරාජයෙන් පසු ශ්‍රී ලංකා නායකයා පැවසුවේ කණ්ඩායම තවමත් අත්හදා බැලීම් අවධියක සිටින බවයි. මාස හතකටත් අඩු කාලයකදී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ස්ථාවර කණ්ඩායමක් බිහිකර ගන්නේ කෙසේද යන්න මෙහිදී පැන නගින ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියේ ස්ථාවරව සිටින්නේ ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පමණි. පැතුම් නිස්සංක විස්සයි විස්ස තරගවලදී ලකුණු 30ට වැඩි පිතිකරණ සාමාන්‍යයක් ඇති වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩකයා වන අතර, මහේල සහ සංගක්කාරට පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම විස්සයි විස්ස පිතිකරණ සාමාන්‍යයක් හිමි ක්‍රීඩකයා ද ඔහුය. කුසල් මෙන්ඩිස් ද ලකුණු 2000 සීමාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභීන් අතර දෙවැනි තැන ගනිමිනි. ඔවුන් දෙදෙනා ලොව විස්සයි විස්ස ආරම්භක පිතිකරුවන් ලෙස වැඩිම ලකුණු රැස් කර ඇති යුගල අතරින් 8 වැනි තැනට ද පැමිණ සිටිති. කෙසේ වෙතත්, ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර, එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු සාර්ථක වීමෙන් පමණක් තරග ජයග්‍රහණය කළ නොහැක.

ශ්‍රී ලංකා නායකයාට අනුව, කණ්ඩායමේ ඇතැම් ස්ථාන සඳහා තවමත් නිශ්චිත ක්‍රීඩකයන් නොමැත. ඔහු පවසන්නේ, “අපිට තවම අංක 4 සහ අංක 7ට ස්ථාවර ක්‍රීඩකයන් නැහැ” යනුවෙනි. ඇතැම් ස්ථාන සඳහා එකම ක්‍රීඩකයන් නැවත නැවතත් යොදවන අතර, දොරට තට්ටු කරමින් සිටින නවකයන්ට හෝ අත්දැකීම් සහිත දක්ෂයන්ට අවස්ථාවක් නොලැබීම කණගාටුවට කරුණකි. ආරම්භක යුගලය ස්ථාවර වුවත්, තෙවන පිතිකරු (කුසල් පෙරේරා) සාර්ථකත්වයක් රඳවා ගැනීමට අපොහොසත් වී ඇත. සිව්වන පිතිකරු තවමත් නිශ්චිත නැති අතර, පස්වන පිතිකරු (නායක චරිත් අසලංක) ද තවමත් සිය වගකීම වටහාගෙන ඇති සෙයක් නොපෙනේ. හයවන පිතිකරු (තුන් ඉරියව් ක්‍රීඩකයා) සඳහාද නිශ්චිත පිළිතුරක් හැකි ඉක්මනින් සොයාගත යුතුය.

කලකට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිසි හිටපු නායක දසුන් ශානක, තමන් එම වගකීම භාර ගැනීමට සූදානම් බව නැවත පැමිණි තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඔප්පු කර ඇත. කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම සහ පරිණතම ක්‍රීඩකයා වන දසුන්, ලොව වටා පැවැත්වෙන තරගාවලි රැසක අත්දැකීම් සමඟ නැවත පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ දසුනකි. එහෙත්, ඔහුගේ පිතිහරඹ ශක්තිය දේශීය තරගාවලි මෙන්ම ජාත්‍යන්තර ලීගවලදී ද මැනවින් පෙන්වා සිටියදීත්, ඉකුත් වසරක කාලයක් ඔහුව කණ්ඩායමෙන් පිටමං කර තිබීම උපුල් තරංග ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව හා සෙසු වගකිවයුත්තන් විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ බරපතල අපරාධයක් බව සඳහන් කළ යුතුය. අටවන පිතිකරු ලෙස වනිඳු හසරංග ස්ථාවරව සිටිනු පෙනේ. ඔහු ආබාධවලින් තොරව සිටින්නේ නම්, ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනු ඇත.

පසුගිය තරගාවලියේ මතු වූ අනෙක් ප්‍රබලම කරුණ නම්, ක්‍රීඩාංගණ දත්ත මත පදනම්ව ක්‍රීඩා නොකිරීමයි. ක්‍රීඩාංගණයක තණතීරුවේ හැසිරීම පූර්ව අධ්‍යනය කළ නොහැකි වුවද, පෙර තරගවල දත්ත සමාලෝචනය එයට ඉවහල් වන ප්‍රබලම සාධකයකි. කාසියේ වාසිය දිනාගැනීම නායකයකුට ජයග්‍රහණයට එක්තරා ආකාරයක වාසියකි. එහෙත්, තරගාවලිය පරාජයෙන් පසු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවේ, කාසියේ වාසිය නොසලකා ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතු බවයි. සත්‍යයකි, එහෙත් තරගයකදී ජයග්‍රහණයට අවශ්‍ය සුළු සාධකයක් පවා මැනවින් ග්‍රහණය කරගත යුතුය. පසුගිය වසරේ ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව මේ වන තෙක් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 5කට සහභාගී වී ඇත. එහිදී ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 14කි. එම තරගවලින් ජයගෙන ඇත්තේ තරග 5ක් පමණක් වන අතර, මෙරට පැමිණි කොදෙව්වන් සමඟ පැවති තරගාවලිය පමණක් ජයග්‍රහණය කර ඇත. මෙම තරගවලින් තරග 7ක්ම කාසියේ වාසිය දිනා පරාජයට පත්ව ඇති අතර, කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි. මෙය තරගයට පෙර සූදානම අවම බවක් පෙන්නුම් කරයි.

විස්සයි විස්ස යනු ලකුණු අධික තරග රටාවකි. අතීතයේදී සත්කාරකත්වයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ දඟ පන්දු බලඇණියේ පිහිටෙනි. එහෙත් වත්මන් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ආරම්භක පිතිකරණයේ ශක්තියෙන් යම් ප්‍රගමනයක් ලබමින් සිටියි. එසේ වන විටත්, මෙරට තරගාවලි සඳහා දඟ පන්දුවට උචිත තණතීරු නිර්මාණය කිරීම කෙතරම් සාධනීයදැයි මෙරට ක්‍රිකට් බලධාරීන් නැවත සිතා බැලිය යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ තරම් හෘදයාංගම ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයක් ලොව කොහේවත් නොමැති බව පැහැදිලිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රටක යුද්ධයක් නැවැත්වූ ක්‍රීඩාවක් ලෙසද, ශ්‍රී ලංකා නාමය ලොවට ගෙන ගිය ක්‍රීඩා සන්නාමය ලෙසද හැඳින්විය හැකිය. දැනට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රීඩකයාද අතීතයේ පරාජයට අකමැති අයෙකි. ප්‍රේක්ෂකයා ආදරය කරන්නේ එම ජයග්‍රහණාභිලාෂී ක්‍රීඩාශීලීත්වයටය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ලැබූ සුපිරි ජයග්‍රහණයෙන් පසු, දඹුල්ල සහ කොළඹ ප්‍රේමදාස පිටියට ද පැමිණි ප්‍රේක්ෂකයෝ දැඩි සොවින් නිවෙස් බලා ගියහ. “පැරදුණාට කමක් නෑ. ඒ ක්‍රීඩාවෙ හැටිනෙ. ඒත් මෙහෙම පරදිනකොට බලාගෙන ඉන්නෙ කොහොමද?” යනු ඔවුන්ගේ වේදනාත්මක වදන් විය. ආසියානු කුසලානය ජයගෙන දසුන්ලා ලංකාවට පැමිණි මොහොතේ මහා මාර්ග පුරා රැස්ව ජයගෝසා නැගූ ආකාරය මතක නම්, එය ඔවුන් ක්‍රිකට්වලට දක්වන අසීමිත ආදරයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයින්ගෙන් යුත් කණ්ඩායමකි. එහෙත්, ඉවසීම, අවස්ථානෝචිත ක්‍රීඩා විලාසය වැඩිදියුණු කර ගත යුතු අතර, සැම දෙනාම එක්ව එක් ඉලක්කයක් වෙත කටයුතු කළ යුතුය. ජයග්‍රහණය පුරුද්දක් විය යුතුය. එදිනට ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් ලොව යළි ජය කෙහෙළි නංවනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories