2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 13:31
නවතම පුවත්

ප්‍රසිද්ධ නොකළ පාස්කු දා ප්‍රහාර කොමිෂන් සභා වාර්තා දෙක , දවසක් තුළ මට දෙන්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට මුළුමනින් ප්‍රසිද්ධ නොකොට තම භාරයේ තබා ගෙන සිටින එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක දවසක් ඇතුළත රජයට භාර දෙන ලෙස උදය ගම්මන්පිල මහතාට අවධාරණය කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (ඔක්. 15) පැවසීය.

එවැනි වාර්තාවක් මෙතෙක් කලක් තම භාරයේ සඟවා ගෙන සිටියේ නම් එය බරපතළ වරදක් යැයි ද ඒ ගැන සෙවිය යුතු යැයි ද විජිත හේරත් ඇමතිවරයා කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කීවේ ය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, අදාළ වාර්තා දෙක දින 7ක් තුළ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමා එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවට කළ අනතුරු ඇඟවීම ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

එහිදී විජිත හේරත් ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : පාස්කු ප්‍රහාරය ගැන වූ වාර්තා දෙකක් ප්‍රසිද්ධ කරන්න ආණ්ඩුවට දින 7ක් දෙනවා යැයි ගම්මන්පිල මහතා කිව්වා. ඇයි ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ?

පිළිතුර: ආණ්ඩුවක් විදිහට අපි වැඩ කරන්නේ වගකීම්සහගතව. යම් අකටයුත්තක් වෙලා තිබෙනවා නම් පරීක්ෂා කර තීන්දු ගන්නවා. ගම්මන්පිල ළඟ ඒක තියෙනවා නම් දින 3ක් අපි කල් දෙනවා. ඒක දෙන්න. ඒක අපට ලේසියි. පිටු අඩු ද? නැද්ද? කියලා අපි බලනවා. ගම්මන්පිල මහත්තයට ලැබුණු විදිහ දැනගන්න අපි කැමැතියි. මෙච්චර කල් තියා ගෙන හිටියා නම් ඒකත් බරපතළ අපරාධයක්.

ප්‍රශ්නය : ඔබ මීට කලින් කිව්වා ජනාධිපති වාර්තා දෙකේ පිටපත් දෙකේ යම් යම් අස්ථානගත වීම් තිබෙනවා කියල. ගම්මන්පිල කියන්නේ ඒ දෙක ම තිබෙනවා. නමුත් දැම්මොත් දේශපාලනික වශයෙන් අවාසි නිසා දාන්නේ නෑ කියලා?

පිළිතුර: ගම්මන්පිල මහත්තය ම තමයි පාස්කු දඩමීමා කර ගෙන ගෝඨාභය බලයට ගෙනාවෙ. එදා ජාතිවාදය අවුස්සලා ගෙනාවෙ. අවුරුදු ගාණක් ඇමැතිකම්වල හිටියා. එහෙම නම් ඔය වාර්තා දෙන්න තිබුණනෙ, දැන් වැළපෙන්නේ. මෙච්චර කල් වාර්තාව හංගන් හිටියා නම් බරපතළ වරදක්. ගෝඨාභයගේ ළඟ ම හිටපු කෙනෙක් නිසා ඒවා අරන් ගියා ද දන්නේ නෑ. පුටින්ටත් වඩා හොඳයි කියල ගෝඨාභය ගෙනාපු ගෝඨාභය මහතීර් මොහොමඩ් වගේ කිව්ව අයනෙ. හොයල බලමු. ඇත්තට ම ඒවා හොයන්න දෙයක් නෑ. ඇත්තට ම තියෙනවා නම් හෙට ම ගෙනැත් දෙන්න. මැතිවරණ කාලේ මෙහෙම විහිළු කරන්න එපා. වාර්තා දෙක හෙට ම ගේන්න.

ප්‍රශ්නය: ගම්මන්පිල කිව්වෙ කිසිම වාර්තාවක් නැති වෙලා නෑ කියලා. පාස්කූ සාක්කි ගත්තේ 457යි කියල. ඒත් ඇත්තට ම වැදගත් වෙන්නේ, ප්‍රකාශ 1588ක් ලබා දී තිබුණා. ප්‍රකාශ 1588 සහිත වෙළුමක් නෑ කියල ජනාධිපති ලේකම් කාර්යාලය අපට කියල තිබෙනවා. රජය විදිහට මේ ගැන හොයල තිබෙනව ද?

පිළිතුර: පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කිසිවෙක් හෝ කිසිවක් හංගන්න අපි මැදිහත් වෙන්නේ නෑ. නිවැරැදි නීතිමය ක්‍රියා මගින් ඔවුන්ට එරෙහිව කටයුතු කරනවා. විටින් විට කරුණු දැක්වීම පරීක්ෂණයට හොඳ නෑ. පරීක්ෂණයෙන් පසු පූර්ණ වාර්තාවක් ජනතාවට දෙන බවට සහතික වෙනවා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories