2026 ජූලි 29 බදාදා, 02:21
නවතම පුවත්

කන්ටේනර් 323 ගැන සොයා බැලීම පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය පරීක්ෂාවට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාවට එකඟත්වය පළ වී ඇති අතර, ඉන් අනතුරුවයි එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ.

මෙම විශේෂ කාරක සභාව පත්කිරීමේ අරමුණ වන්නේ, කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත්ය.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මෙම යෝජනාව දින පහක් තිබිය යුතු අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අනුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ඇත. අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත වූ පසුව කථානායකවරයාට මෙම විශේෂ කාරක සභාව පත්කිරීමේ හැකියාව ලැබේ.

මෙම බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඉන් අනතුරුව එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු වී තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories