2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:32
නවතම පුවත්

ඩය­නාට එරෙහි නඩුවේ අදාළ නඩු භාණ්ඩ උසා­වි­යට ඉදි­රි­පත් කර­න්නැයි නියෝග

ඇමති­ව­රි­යක වූ ඩයනා ගමගේ මහ­ත්මි­යට විරු­ද්ධව පවරා ඇති නඩු­වට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැ­ම්බර් 04 වැනි දා උසා­වි­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා ඊයේ (04) නියෝග කළේය.

මහා­ධි­ක­රණ ඝෝෂ­ක­ව­රිය විසින් නයනා සම­න්මලී නොහොත් ඩයනා නටාෂා කැකු­ණ­දුර නොහොත් ඩයනා ගමගේ යනු­වෙන් විත්ති­කා­රි­යගේ නම අඬ­ග­සන ලද අව­ස්ථාවේ හිටපු සංචා­රක ඇමති­ව­රිය වූ ඩයනා ගමගේ මහ­ත්මිය එහි පෙනී සිටි­යාය.

ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යෙකු නොවන බව දැන දැනම ඩයනා ගමගේ යනු­වෙන් විත්ති­කා­රි­යගේ නම නීත්‍ය­නු­කූල ලෙස සංශෝ­ධ­නය කර නොති­බි­යදී එම නම සඳ­හන් හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැව­ටීමේ අද­හ­සින් අංක 4658 දරණ කූට උප්පැන්න ලේඛ­න­යක් පාන­දු­රේදී හෝ කොළඹ දි සකස් කිරීම, ඒ සඳහා අනු­බල දීම යන වරද සඳහා නඩු පවරා තිබේ.

විත්ති­කා­රිය එම හැඳු­නු­ම්පත 2004 වසරේ ඔක්තෝ­ම්බර් 09 වැනි දා සහ දෙසැ­ම්බර් 01 වැනි අතර කාලය තුළදී ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට ඉදි­රි­පත් කර විදේශ ගමන් බල­පත් ලබා ගෙන ඇත. විත්ති­කා­රි­යට එරෙ­හිව නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්‍ර­හයේ 32, 102, 457, 459 යන වගන්ති යටතේ 2024 වසරේ ජූනි 06 වැනි දා චෝදනා ගොනු­කර තිබේ.

නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා පත්‍ර­යට සමඟ සාක්ෂි ලේඛ­න­යක් ඉදි­රි­පත් කර ඇත. එහි පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වකු ලෙස ඩයනා ගම­ගේට විරු­ද්ධව මුල් පැමි­ණිල්ල කළ සමාජ ක්‍රිය­කාරී ඕෂධ හේරත්, නියෝජ්‍ය ආග­මන විග­මන පාල­ක­ව­රයා ඇතුළු පිරි­සක් නම් කර තිබේ. මෙයට අම­ත­රව 2004 වසරේ නොවැ­ම්බර් 22 වැනි දා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දුන් අංක 4683 හා 4685 දරණ උප්පැන්න ලියා­ප­දිංචි කිරීමේ ලේඛන, ආග­මන විග­මන බල­පත්‍ර දෙකක් ඇතුළු ලේඛන රැසක් සාක්ෂි ලෙස ඉදි­රි­පත් කර තිබේ.

ඊයේ (04) මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා ඉදි­රියේ නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ මෙම චෝද­නාව සම්බ­න්ධ­යෙන් අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ නඩු භාණ්ඩ මහා­ධි­ක­ර­ණ­යට භාර දී නැති බව වාර්තා විය. විත්ති­කා­රිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ ශානක රණ­සිංහ සමඟ සඳ­මාලී පීරිස්, නිසිත් අබේ­සූ­රිය යන මහත්ම මහ­ත්මීහූ පෙනි සිටි­යහ

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories