2026 ජූලි 31 සිකුරාදා, 22:45
නවතම පුවත්

පත්තරයක් ගහන්න කඩදාසි අරගෙන ඇලෝසියස් මිලියන 12ක් පොලු තියලා!

බදු පැහැරහැරීමක් සම්බන්ධයෙන් දැනට මාස හයක සිරදඬුවමක් විඳිමින් සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් පුවත්පතක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගැනීමෙන් රුපියල් රුපියල් මිලියන 12ක් වංචා කළ බවට චෝදනා කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

පුවත්පත් මුද්‍රණය සඳහා කඩදාසි ආනයනය කර බෙදාහරින නෙප්චූන් පේපර්ස් ලිමිටඩ පෞද්ගලික සමාගම ගොනුකළ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන් ඇලෝසියස් සහ චමින්ද සහන් නමැත්තන් නම්කර ඇත.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල ඉදිරියේ විභාගයට ගැනිණි.

බන්ධනාගාර අධිකාරි විසින් අර්ජුන් ඇලෝසියස් අධිකරණයට ඉදිරිපත් කළ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනීසිටියේ නැත.

නීතීඥ ධර්මතිලක ගමගේ ගේ උපදෙස් මත නීතිඥ ෆාතිමා සුහාරියා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළාය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප අටක් මත විත්තිකරුට ඇප නියම කළේය.

වංචා සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බව පවසමින් නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

විත්තිකරුවන්ගේ බැංකු ගිණුම්වල මුදල් ප්‍රමාණවත් නොවන බව දැන දැනම 2019 වසරේ චෙක්පත් හතරක් වෙන් වෙන් වශයෙන් නිකුත් කර රුපියල් මිලියන 12ක් වංචා කර ඇති බව ප්‍රකාශ විය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ නඩුව අධ්‍යයනය කිරීමට සහ උපදෙස් ලබාගැනීමට සාධාරණ කාලයක් ලබාදී විත්තිකරුට ඇප ලබාදෙන ලෙසයි.

අධිකරණයේ පෙනීනොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු 19 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසි ද නිකුත් කෙරිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories