2026 ජූලි 29 බදාදා, 14:38
නවතම පුවත්

IMF නැතිව ණය ගෙවන්න පුලුවන්

ඛනිජ සම්පත් හා පුනර්ජනනීය බල ශක්ති මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් මෙරට ණය IMF නොමැතිව ගෙවිය හැකි බව මෙවර ජනපතිවරණයට කොඩිය ලකුණෙන් තරග කරන ප්‍රකට බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරුවකු වන කීර්ති වික්‍රමරත්න මහතා පේරාදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,

‘අහසින් වැටෙන එකම හිරු කිරණයක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන අපතේ නොයවමු’ යන තේමාව මුල්කර ගතහොත් රටම ණයවන බලශක්ති පිරිවැය අඩු කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.තමන් එදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ලෙස සිටියදී රටම එළිය කළ සූර්ය බල සංග්‍රාමය නිර්මාණය කරන්නට දායක වු බවත්, මාෆියාවේ ප්‍රතිවිරෝධය මධ්‍යයේ වුවත් මෙගාවොට් 1000ක සූර්ය බලශක්තියක් ප්‍රධාන විදුලි බල ප්‍රවාහයට එක්කරන්නට එමගින් රුපියල් බිලියන 125ක් ඉතිරි කර දෙන්නට හැකිවූ බවත් ඔහු අවධාරණය කළා.මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා,”ලොව සුපිරිසිදු මිනිරන් නිධි තියෙන්නේ අපේ මහ පොළොවෙයි.. ‘රා ගෙදර මිනිරන් පතල’ ඊට හොඳ නිදසුනක්.කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් තාක්ෂණයට නැතිවම බැරි වටිනා ග්‍රැෆීන් නිපදවීම රා ගෙදර පතලෙන් අපි ආරම්භ කළා.. එයත් විනිමය උපයන මහ සම්පතකි.. එදා ඩොලර් අර්බුදය පැමිණීමට පෙර ප්‍රථම 9% පොලියකට ගත් විදෙස් ණය වෙනුවට 3.3%ක අඩු පොලියට ඩොලර් මිලියන 500ක විදෙස් ණය විදෙස් රටවල් හරහා රාජ්‍ය බැංකුවකට ලබාදීමට මට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඊළඟට මැණික් සම්පත බලමු. අගය එකතු කළ මැණික් ආනයනයත් එහිලා වැදගත්. Fantacy cuts හා Treament යොදා අගය එකතු කොට ලෝක වෙළෙඳපොළ ජයගන්නට මැණික් අපනයනකරුවකු ලෙස මට අවස්ථාව සැලසුණා.. සුදු තිරුවානා සපයමින් අඩු මුදලට සූර්ය පැනල හදන්න පුළුවන්.. ඒවා අපි සාර්ථක කර ගත් ව්‍යාපෘති.. ඒ වගේම තේ කර්මාන්තයට ටර්බෝ ටාජර් හඳුන්වාදීම තුළින් බලශක්ති නිෂ්පාදන පිරිවැය අවම කරන්න පුළුවන්.. වාණිජ සම්පත් හා පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් මනාව සැලසුම් කරගත හොත් රටේ ඒක පුද්ගල ආදායම ප්‍රශස්ත අගයකට ගෙන ඒමට හැකියි.. එවැනි දැක්මක් ඇති “එකම ජනපතිවරණ ඡන්ද අපේක්ෂකයා මමයි – තීන්දුව ජනතාවට භාරයි”.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories