2026 මැයි 15 සිකුරාදා, 14:24
නවතම පුවත්

දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත්

දිවයිනට දැනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙල්සියස් අංශක 28ක පැවැතිය යුතු කොළඹ උෂ්ණත්වය අද (15) දිනයේ සෙල්සියස් අංශක 31ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවගේ දෛනික කටයතුවලට බාධා එල්වන තත්ත්වයක් මතුව ඇති අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ ජලය සහ ලවණ දහඩිය ලෙස පිටවන අතර ඒ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න අයෙකු වුවද විජලනයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.
විශේෂයෙන් එළිමහනේ කටයුතු කරන පුද්ගලයින්, මහාමාර්ගවල වැඩකරන පුද්ගලයින් මෙන්ම මේ දිනවල කුඹුරු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින්ද වඩා කල්පනාකාරී විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

අධික විජලන තත්ත්වය හේතුවෙන් හෘද වස්තුවට සහ මොළයට බලපෑම් එල්ලවිය හැකි අතර එය තාප කම්පන තත්ත්වයක් ලෙසද හඳුන්වනු ලබයි.

මෙම තත්ත්වයන්වලින් වැලකීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන්ම වැඩි වශයෙන් ස්වභාවික දියර වර්ග පානයට ගත යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ කෘතීම දියර වර්ග පානය ශරීරයට අහිතකර බවද පෙන්වා දී තිබේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අදහස් දක්වමින් පැවසුවේ මේ දිනවල පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන බැවින් ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව සැලකිලිමත් විය යුතු බවය.
ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන්ද තාප කම්පන තත්ත්වයට පත්විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා එම හේතුවෙන් විජලන තත්ත්වයට පත්වන බවද සඳහන් කළේය.

විශේෂයෙන් මේ දිනවල කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, දෙහි, දෙළුම්, දොඩම්, නාරං වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම සමටද ඉතා හානිදායක තත්ත්වයන් මතුවිය හැකි අතර දැරීමට අපහසු උණුසුමකදී දහඩිය බිබිලි, දද, කුෂ්ඨ වැනි සමේ රෝගද ඇති විය හැකි බවද වෛද්‍යවරයා පැවසීය

එමෙන්ම රස්නය අධික කාලවලදී මැසි ඝනත්වයද ඉහළ යා හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා මේ හේතුවෙන් පාචනය රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කරන බව පෙන්වා දී තිබේ.
උණ, වමනය, බඩඑලිය යාම වැනි රෝග ලක්ෂණ පාචන රෝගයේදී දක්නට ඇත.
ඇතැම් අවස්ථාවලදී බඩඑළිය සමග රුධිරය පිට වේනම් එය අතීසාරය ලෙස හැඳින්වෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories