පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මෙම අංක 31/2025 චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.