2026 ජූලි 29 බදාදා, 14:47
නවතම පුවත්

දකුණේ සුනාමි කුලුණු අබලන් – කඩන් වැටෙන්න ඔන්න මෙන්නලු

සුනාමි ව්‍යසනයකින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකළ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු මේ වනවිට නොසළකා හැර ඇති බවට 2004 සුනාමි ව්‍යසනය සිදු වූ ප්‍රදේශවල ජනතාව සිය කලකිරීම ප්‍රකාශ කරති.

ඔවුන් පෙන්වා දුන්නේ වසර කිහිපයක සිට මෙම කුළුණු පිළිසකර කිරීම් සහ නඩත්තු කටයුතු සිදු කර නොමැති බවයි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අහංගම, බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, රත්ගම, තෙල්වත්ත සහ උණවටුන ඇතුළු විවිධ දිස්ත්‍රික්කවල මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 24ක් පිහිටා ඇත.

වැලිගම පොලිස් ක්‍රීඩාංගණය, දික්වැල්ල පොලිස් ක්‍රීඩාංගණය, මිරිස්ස ධීවර වරාය, දෙවිනුවර ධීවර වරාය, පොල්හේන සුමනාරාම විහාරස්ථානය, මාතර දිස්ත්‍රික්කයේ තලාල දකුණු මහා විද්‍යාලය, කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලය, තංගල්ල විසුද්ධාරාම ක්‍රීඩාංගණය, තංගල්ල පොලිස් ක්‍රීඩාංගණය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල ධීවර වරාය, රැකව ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගණය, බටඅත විහාර ක්‍රීඩාංගණය සහ සිසිලගම සීතාරාම විහාරස්ථාන භූමිය යන ස්ථාන ඊට ඇතුළත් වේ.

අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ සුනාමි කුළුණ කඩා වැටීම මගින් පාසල් සිසුන්ට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමේ පූර්වාරක්ෂාවක් ලෙස එහි අබලන් තත්ත්වය හේතුවෙන් පසුගියදා එය ගලවා ඉවත් කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් පිහිටා ඇති බවත්, අලුත්වැඩියාව සහ නඩත්තුව කොළඹ ප්‍රධාන කාර්යාලය මගින් අධීක්ෂණය කරන බවත්ය.

නමුත් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් නඩත්තු කටයුතු ප්‍රමාද වී ඇත.

මෙම කුළුණු බොහොමයක ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බැටරිවල කල් ඉකුත් වී ඇති බව ද එම නිලධාරියා සඳහන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories