2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 02:42
නවතම පුවත්

වැරදි පුවත් පළකළාට සුනිල් සෙනෙවිගෙන් පොලිස් පරිගණක විමර්ශනයට පැමිණිල්ලක්

” බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා ” මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ (08) වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

” මේ කියන විදිහේ ව්‍යාපාරික මිතුරෙක් මට නැහැ. සුනන්ද දීපාල් කියලා හඳුන්වාදී ඇති පුද්ගලයා මා දුරට දැකලා තියෙන්නේ එකම එක දවසක් පමණයි. ඔහු සමඟ වචනයක් හෝ කතා කර තිබේ නම් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මම ඔහුගේ දුරකථන අංකය සොයාගෙන කරපු කරුණු පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් විතරයි.

ඔහු මගේ ව්‍යාපාරික මිතුරෙක් හෝ වෙනත් මිතුරෙක් නොවන බව කිව යුතුයි. මේ අසත්‍ය චෝදනාව පදනම් කරගෙන සමාජ මාධ්‍යවල ඉතා දරුණු විදිහට තීව්‍ර විදියට පෝස්ටු හැදෙනවා. මම මේ ගැන අනාවරණය කළ යුතුයි. පෞද්ගලිකව මටත් අපේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් බරපතළ හානියක් අපකීර්තියක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මා විසින් පොලිස් පරිගණක විමර්ශන අංශය සමාජ මාධ්‍ය ඒකකයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

නිශ්චිත විදියට මේ තොරතුරු පළ කරපු, මේ අපකීර්තිය වගා කරලා පහත් භාෂාවෙන් සිරස්තල හදලා වර්ධනය කරපු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා හිටියා. ඉතා පැහැදිලිව මේ පිළිබඳ සාධාරණ සොයා බැලීමක් කරලා, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා මේ අසත්‍යය අභූත චෝදනාව නැගූ සියලු දෙනාට නීතියෙන් පිළිතුරු ලබාදෙනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය අධිකරණයක් බවට පත්වෙලා.

සමාජ මාධ්‍යයේ නිරත වෙලා ඉන්න ආදරණීය සියලු මිතුරු මිතුරියන් මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලීම කරනවා. ඔබ යම් පුද්ගලයෙක් පිළිබඳ ආයතනයක් පිළිබඳ යම් තොරතුරක් හෙළි කරනවා නම් ඒ තොරතුරේ සත්‍යය සොයා ගත යුතුයි.

ඔබ පළ කරන ප්‍රවෘත්තිය මතුපිටින් බැලුවත් විමර්ශනය කරලා බැලුවත් දුෂ්ට චේතනාවක් අශිෂ්ට බලාපොරොත්තුවක් තිබේ නම් එය බරපතළ වරදක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි. සමාජ මාධ්‍යයෙන් තොරතුරු දැන ගැනීමේ නිදහස අගය කරනවා.

ඒ වුණාට වටහාගන්නට ඕනේ මොහොතින් මොහොත එය වර්ධනය කරලා යන පිළිවෙළ අනුව පුද්ගලයන්ට සහ ආයතනවලට නැවත පෙරලා සකස් කරගත නොහැකි මට්ටමේ අපරාධයක් සිද්ධ වෙන බව. මේ රටේ අමාත්‍යවරයෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් එබඳු අශිෂ්ට මාධ්‍යකරණයක නිරත වෙන්න එපා කියලා කරුණාකරලා ඉල්ලා සිටිනවා. “

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories