2026 ජූලි 31 සිකුරාදා, 00:16
නවතම පුවත්

හිටපු සියලු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වටිනාකම තක්සේරු කරනවලු

හිටපු ජනාධිපතිවරුන් දැනට රැඳී සිටින නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මීට අමතරව ජනාධිපති නිල නිවාස සහ ඇමැති නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් බව ප්‍රකාශ වී ඇත්තේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී කරන ලද තක්සේරුව අනුව බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජය තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ඇමැතිවරුන්ට මින් ඉදිරියට නිල නිවාස ලබා නොදීමටයි.

ජනාධිපතිවරයාද නිල නිවස ලබා නොගැනීමට තීරණය කර තිබිණි.

ඇමැතිවරුන්ගේ නිල නිවාසවලින් කොටසක් සංචාරක කටයුතු සඳහා ඵලදායි ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම නිවාස සංචාරක මණ්ඩලයට පවරාදීමට කටයුතු කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට පළමුව ස්ටැමෝර් චන්ද්‍රවංකයේ නිවසක් ලබාදී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවත, සී 80 දරන නිවස ඇයගේ පදිංචියට ලබා දී ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය විශ‍්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ නිදහස් මාවතේ අංක 27 දරන නිවස වන අතර විශාල භූමි භාගයක පිහිටි එම නිල නිවස ඇය අදටත් පරිහරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු කොළඹ 07 විජයරාම මාවතේ අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස ලෙස ලබා දී තිබිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පදිංචියට තෝරාගෙන ඇති මහගමසේකර මාවතේ නිවසේ ඔහු දැනටත් පදිංචිව සිටින අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද කොළඔ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවසක පදිංචිව සිටී.

විශ‍්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් වැඩකයුතු ඉටුකර ගැනීම සඳහා කාර්යාලයක් සහිත නිල නිවසක් ව්‍යවස්ථානුකූලව හිමිවෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories