2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:47
නවතම පුවත්

දියවඩන නිලමේ තනතුරට විශ්‍රාමික කර්නල්වරයෙක්: වීර මඩුගල්ල පරපුර යළි කරලියට

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයට, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වන නන්ද මඩුගල්ල මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.

වීර මඩුගල්ල ජාතික පදනමේ සභාපතිවරයා වන ඒ මහතා, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සියම්මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදැක, මේ පිළිබඳව දැනුම් දුන් බව වාර්තා වේ.
වසර තිස්හයක් යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ සේවා බලකායේ ක්‍රියාන්විත සේවයේ නියැළි තමාට, මෙම තනතුර සඳහා ඉදිරිපත් වීමට ඓතිහාසික පසුබිමක් පවතින බව නන්ද මඩුගල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් ගෙනහැර දැක්වූයේ, වීර මඩුගල්ල දිසාව හෙවත් උඩගබඩා නිලමේ තම මී මුත්තෙකු බවයි. ඓතිහාසික 1815 ගිවිසුමට වීර මඩුගල්ලේ දිසාව අත්සන් නොකළේ රට, ජාතිය, ආගම සහ ශ්‍රී දළදා සමිඳුන් රැකගැනීමේ අරමුණින් බව සිහිපත් කළ ඒ මහතා, තමා ද එවැනිම අරමුණක සිට උතුම් දළදා වහන්සේ රකින දියවඩන නිලමේ තනතුර සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව සඳහන් කළේය.
ලබන නොවැම්බර් මස 07 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරණය සඳහා මේ වනවිට තරඟකරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇත.

විශ්‍රාමික කර්නල් නන්ද මඩුගල්ල මහතාට අමතරව, හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩූරාවන, නාථ දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මහාචාර්ය තිලක් සුභසිංහ සහ ගාමිණි කළුහෙන්දිවල යන අය මෙවර නිලවරණයට ඉදිරිපත් වන බව දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories