කිරින්ඳ වෙරළෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකපිට යාත්‍රාවක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, තංගල්ල වෙරළ තීරයේදීය.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණි.කිරින්ඳ වෙරළේ තිබී පසුගියා සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝග්‍රෑම් 350කි.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7 රඳවා ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇත.