ඉදිරියේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.
ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු ඒ බව පැහැදිලි කළ අතර ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව මන්ත්‍රීවරයා එලෙස පැහැදිලි කරමින් සඳහන් කළේය.
මීට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහදස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා,
“අපි අපේක්ෂා කරනවා රටවල් කිහිපයක් එනම් කොරියාව, ජපානය සහ ඊශ්‍රායල වගේ රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන්න. අපි ගත්තොත් දකුණු කොරියා රාජ්‍යයට රැකියා 7,600ක් පමණ ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඊශ්‍රායල රාජ්‍යටත් අපි රැකිය 15,900ක් පමණ ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජපාන රාජ්‍යයටත් අපි SSW වැඩසටහන යටතේ රැකියා 9,300ක් ලබාදීමට අපි අපේක්ෂා කරනවා.”