2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:24
නවතම පුවත්

2024-25 බෝඩර් ගවස්කාර්ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියවට

2024 -25 බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට පෙර (05) සමත් විය.

සිඩ්නි නුවර දී අවසන් වුණු පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 06කින් විශිෂ්ට ලෙස ජයගනිමින් ඔස්ට්‍රේලියාව ශුරතාවය දිනාගන්නා ලදි.

ඒ සමගින් ඔස්ට්‍රෙලියාව 2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ද සමත් වූ අතර ඒ සමගින් ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතා සිහිනය අතහැර දමන්නට සිදුවිය.

තරගයේ ආරම්භක දිනයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක බුම්‍රා පළමු ව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 185ක් ලැබිය.ඉන්දියාව වෙනුවෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූ එක ම ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් පමණකි.

සෙසු ක්‍රීඩකයින්ට සැලකිය යුතු ටෙස්ට් ලකුණකට යාමට ඔස්ට්‍රෙලියා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ හෙළිය.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ නෙතන් ලියෝන් එක් කඩුල්ලක් බැගින් බිදහෙළිය.

සිය පළමු ඉනිම ඇරඹි කැන්ගරු පිතිකරුවන්ට පිතිකරණය සිතූ තරම් පහසු වූයේ නැත.ඒ ඉන්දීය වේග පන්දු බලඇණිය හමුවේ ඔස්ට්‍රෙලියාව ද ලකුණු 181කට පළමු ඉනිමේ දී සීමා වීම හේතුවෙනි.සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ බියූ වෙබ්ස්ටර් ලකුණු 57ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර කඩුලු 02ක බැගින් බුම්‍රා සහ නිටිෂ් කුමාර් බිඳ හෙළිය.

කෙසේවෙතත් ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමට යළිත් සුපුරුදු රිද්මයට ම කැන්ගරුවන් හමුවෙ මුහුණදෙන්නට සිදු විය.

ඒ ඉන්දීය පිතිකරණය හෝරා කිහිපයක් තුළ ක්‍රීඩාගාරයේ අසුන් මතට ඇදදැමීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වීමත් සමගින් ය.දෙවැනි ඉනිමේ දී වැඩිම ඉන්දීය ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට් ය.ඔහු වේගවත් ලකුණු 61ක් ලබාගත්තේය.

තරගාවලියේ එක් ඉනිමක දී පමණක් ශතකයකින් සාර්ථක වූ කෝලි මෙම තරගයේ දී ද අසාර්ථක විම කැපිපෙනුනි.

දෙවැනි ඉනිමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඩ් පීඩනකාරී පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 06ක් ලකුණු 45කට බිද හෙළිය.
පැට් කමින්ස් කඩුලු 03ක් සහ බියු වෙබ්ස්ටර් එක් කඩුල්ලක් බිඳ හෙළිය.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තේය.දෙවැනි ඉනිමේ දී උස්මන් කවජා ලකුණු 41යි.

ට්‍රාවිස් හෙඩ් සහ බියූ වෙබ්ස්ටර් නොදැවී තරගයේ ජය ඔවුන් වෙත ගෙන ආ අතර ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 34 හා 39ක් බැගින් ලබා ගත්තේය.

දෙවැනි ඉනිමට කඩුලු බිඳ හෙලීමේ දී ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03ක් සහ සිරාජ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව මෙවර ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තරග 3-1ක් ලෙස ජයගත් අතර එක් දෙපාර්ශ්වයේ තෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ වීරයා සම්මානය ස්කොට් බෝලන්ඩ් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ තරගාවලිය පුරා ම කඩුලු 32ක් බිඳ දමමින් ලකුණු ද 42ක් ලබාගත් ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්‍රා යි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories