ජල ගැලීම් හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාතේ මාර්ග රැසක ගමනාගමනයට බාධා මතුව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් වැඩිම මාර්ග සංඛ්‍යාවක් බලපෑමට ලක්ව ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ බවටය.
ඒ අනුව බණ්ඩාරගම – කොළමැදිරිය, පාලින්දනුවර – බදුරලිය, වළල්ලාවිට – අවිත්තාව, කළුතර – මතුගම, බුලත්සිංහල – මෝල්කාව යන මාර්ග ජලයෙන් යටවී ඇති අතර,
ඊට අමතරව මිනුවන්ගොඩ, කටාන, හංවැල්ල, කඩුවෙල, කොළොන්නාව, පන්නල, හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඇතැම් මාර්ගවල ජලය බැස යමින් ඇති බවටය.