2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:51
නවතම පුවත්

අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට

අද (ජූලි 18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක හැපී අඩි 8ක් පමණ උස, අවුරුදු 15ක පමණ වන අලියෙක් ගල්ලෑල්ල ප්‍රදේශයේදී මියගොස් තිබේ. මෙම ඛේදජනක සිදුවීම අලුයම 5:30ට පමණ සිදුව ඇත.මියගිය වන අලියා නිතරම ගම්වැදී වී ගබඩා වලින් ආහාර ලබාගත් සතෙකු බව ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් සඳහන් කරන්නේ අද අලුයම 3 සිටම මෙම වන අලියා ගම්මානය අවට සැරිසරමින් සිට ඇති බවයි. වන අලියා ගමට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමට උත්සාහ කර ඇතත්, නිලධාරීන්ගේ දුරකථන විසන්ධි වී තිබූ බවට ගම්වාසීන් චෝදනා කරයි.වන අලියා නිරන්තරයෙන් ගම්වදින ගැටලුව සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදු නොවනු ඇති බවට ගම්වාසීන් දැඩි ලෙස පෙන්වා දෙයි. ඔවුන්ගේ වේදනාව සහ කෝපය, වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් කළමනාකරණය කිරීමේ පවතින දුර්වලතා පිළිබඳව නැවත වරක් ප්‍රශ්න කර සිටී.මෙම සිදුවීම වන සතුන්ගේ ආරක්ෂාව සහ ගම්වාසීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළඹ ඇති බවට සංඥාවක් ලබා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories