2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:38
නවතම පුවත්

චීන-ඇමෙරිකා වෙළෙඳ යුද්ධය – ලන්ඩනයේ තීරණාත්මක සාකච්ඡා!

ලොව ආර්ථික බලවතුන් වන චීනය සහ ඇමෙරිකාව අතර දිගු කලක් තිස්සේ පැවති වෙළෙඳ අර්බුදය විසඳා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා වටයක් මේ වනවිට ලන්ඩන් නුවරදී ආරම්භ වී තිබේ. මෙය දෙරටේ රාජ්‍ය නායකයින්ගේ සෘජු සහභාගීත්වයෙන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව, ඔහු හඳුන්වාදුන් දැවැන්ත තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව සහ චීනය අතර පැවති වෙළෙඳ අර්බුදය දැඩි ලෙස තීව්‍ර විය. ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය” යටතේ චීනයට සියයට 145ක තීරු බදු ප්‍රතිශතයක් පැනවූ අතර, පසුව එය සියයට 30 දක්වා පහත දැමීමට පියවර ගැනුණි.

දෙරට අතර වෙළෙඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වන මෙම තවත් සාකච්ඡා වටය ඊයේ (ජූනි 09) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ඇරඹිණි. අමෙරිකානු ධූත මණ්ඩලයේ නායකත්වය එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් දරන අතර, චීන උප අගමැති හී ලයිෆන්ග් චීන ධූත කණ්ඩායම මෙහෙයවනු ලබයි.

ලන්ඩන් හි ඕනේට් ලැන්කැස්ටර් මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡා යම් ප්‍රගතිදායක මට්ටමකට එළඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ගෝලීය වෙළෙඳ යුද්ධයක් සම්බන්ධයෙන් දැඩි බියක් උද්ගතව තිබූ පසුබිමකය. මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමට දෙරට අතර තීරුබදු පහත අගයක පවත්වා ගැනීමට පසුගිය මාසයේදී දෙරට එකඟ වුවද, දෙරටම තීරුබදු සීමා උල්ලංඝනය කරන බවට එකිනෙකා වෙත චෝදනා කරගන්නා පසුබිමක, එම එකඟතාව කවර මොහොතක බිඳවැටේදැයි සැකයක් පවතී. ගෝලීය ආර්ථිකයේ අනාගතය කෙරෙහි සෘජුව බලපාන මෙම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි ලෝකයම අවධානයෙන් සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories