එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමින් බවයි පැවසෙන්නේ.
එම අදහස දරන පක්ෂ දෙකේම පිරිස් විසින් මෙම විරෝධතා සංවිධානය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට විශාලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර පක්ෂ දෙකක් ලෙස පක්ෂයේ නායකයන් දෙදෙනෙකු තරඟ කිරීමෙන් තෙවන පාර්ශ්වයකට වාසිය යා හැකි බවට පක්ෂ දෙකේ නායකයන් දෙපළ වෙතම මොවුන් පෙන්වා දී ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් එම කාර්යයට බලපෑමක් කිරීමක් ලෙස මෙම විරෝධතාවයන් සංවිධානය කරමින් තිබීමද විශේෂත්වයක්.
මෙලෙස සජිත් සහ රනිල් දෙපාර්ශවය එකට එක් වුවහොත් ජාතික ජන බලවේගයට යම් අවාසියක් හිමිවනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.