2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:09
නවතම පුවත්

පශ්චාත් මරණ පරීක්‍ෂණයකට නියමිත මළ සිරුරක් දින දෙකක් ම පානදුර මූලික රෝහලේ

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දී තිබූ මළ සිරුරක් දින දෙකකට ආසන්න කාලයක් පානදුර මූලික රෝහලේ තැන්පත් කිරීමට සිදුව ඇති අවාසනාවන්ත පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වේ.

වාද්දුව පොතුපිටිය ගොරකගහවත්ත මාවතේ පදිංචිව සිට පෙරේදා (සැප්. 14) පස්වරුවේ සිය ස්වාමිපුරුෂයාගේ අත්පොරොව පහරකට ලක්ව මිය ගිය හසිනි හංසිකා රුවන්තිලක යන එක්දරු මවගේ මළ සිරුර මෙසේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇති කාන්තාවගේ එක ම සොයුරිය ද පොරොව පහරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මිය ගොස් ඇති කාන්තාවගේ මාස දෙකක් වයසැති එක ම බිලිඳිය ද සමග අසරණව සිටින ඇයගේ මව වන ආශා මංජුලා මහත්මිය ඊයේ (සැප්. 15) පැය ගණනාවක් වාද්දුව පොලිසියේ රැඳී සිට නැවත නිවසට හරවා යවා ඇති බව ඇය පැවැසුවා ය.

මේ පිළිබඳ විමසීමේදී වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ, මහේස්ත්‍රාත් නියෝගය ලබා ගෙන ඇති නමුත් පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පසු දින සිදු කරන බව දැනුම් දුන් බව ය.

මේ පිළිබඳ විමසීමේදී පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ‍‍‍ය පසුදින සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව ය.

කිසිදු හව්හරණක් නොමැති අසරණ පවුලක් බැවින් එදින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නොහැකිව ඇති බැවින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉහළ බලධාරීන්ගේ අවධානයට ලක් කර මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් වළක්වා ගැනීමට ක්‍රියා කළ යුතු බව එම පවුලේ සාමාජිකයෝ පවසති

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories