2026 ජූලි 29 බදාදා, 10:36
නවතම පුවත්

දකුණු කොරියාවේ ‘නිදහසේ හඩ’ නිවීයයි

උතුරු කොරියාව වෙත විකාශය කළ සිය හමුදා ගුවන් විදුලි නාළිකාව අත්හිටුවීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.

‍වසර 15ක් පුරාවට විකාශනය සිදුවූ ‘නිදහසේ හඬ’ නමැති මෙම ගුවන් විදුලිය අත්හිටුවීමට දකුණු කොරියාව මෙලෙස පියවර ගෙන ඇත.

උතුරු කොරියාව සමඟ පවතින හමුදාමය ආතතීන් අවම කිරීමේ සහ සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයක් ලෙස දකුණු කොරියාව මෙම පියවර ගෙන තිබේ.

2010 වසරේදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අයත් යුද නෞකාවක් ගිල්වීමේ සිද්ධියෙන් පසුව මෙම ගුවන් විදුලි විකාශය ආරම්භ කර තිබුණි.

නිදහසේ හඬ හමුදා ගුවන් විදුලියෙන් විකාශය කෙරුණේ දකුණු කොරියාවේ දේශපාලනය, ආර්ථික හා සංවර්ධන වැඩසටහන්, කේ පොප් සංස්කෘතිකාංග යනාදියයි.

මෙම ගුවන් විදුලි විකාශය උතුරු‍ කොරියාවට එරෙහිව මානසික වශයෙන් බලපෑම් කිරීම ද අරමුණු කරගනිමින් පිහිටුවූවක් විය.

එය ක්‍රියාත්මක කර තිබුණේ ද දකුණු කොරියා ආරක්ෂක අංශයේ ආරක්ෂක මනෝවිද්‍යාත්මක මෙහෙයුම් කණ්ඩායම විසින් වෙයි.

යූන් සුක් යෝල්ගේ පාලනය යටතේ තිබියදී මෙම ගුවන් විදුලි විකාශයට දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් උතුරු-දකුණු කොරියා දේශසීමාවේ සවිකිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් එවැනි ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories