දූෂණ විරෝධී කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් රූපවාහිනී සංවාදයකදී අදහස් දක්වා තිබේ. ඊයේ (සැප්තැම්බර් 22) දින ඔහු ප්‍රකාශ කළේ, තම වත්කම් පිළිබඳව රූපවාහිනී සංවාදවලදී ප්‍රශ්න කිරීම් නොකරන ලෙසයි.
ඒ වෙනුවට, යම් ගැටලුවක් ඇත්නම්, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වෙනම ආයතනයක් තිබෙන නිසා එම ආයතනයට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ, දකින දකින කෙනාට පාරේදී මුණගැහිලා ප්‍රශ්න විසඳන්න නෙවෙයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රකාශය හරහා හඳුන්නෙත්ති මහතා අවධාරණය කරන්නේ, වත්කම් සහ බැරකම් සම්බන්ධ ගැටලු නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ විසඳිය යුතු බවයි.