2026 ජූලි 29 බදාදා, 15:41
නවතම පුවත්

මහින්දව ගෙදරින් දොට්ට දාන්න නම් පනත සංශෝධනය කරන්න ඕනෙලු – එහෙම කළොත් පොහොට්ටුව උසාවි යනවලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් ඉවත් කිරීමට නම් 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කළ යුතු බවත්, ආණ්ඩුව ඒ සඳහා උත්සාහයක් දරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අභියෝග කිරීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා අද (23) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතුල ද සිල්වා මෙසේ ද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ හිමිකම් පිළිබඳ 1986 අප්‍රේල් 18 වැනිදා සම්මත කරන ලද 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වෙනවා, සෑම හිටපු ජනාධිපතිවරයකුට සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ඔහුගේ හෝ ඇයගේ ජිවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක්, නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු බව එහි සඳහන් වෙනවා. එසේම එහි මීළඟ වගන්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.

එසේ වුවද යම්කිසි හේතුවක් නිසා හිටපු ජනාධිපතිවරයකුගේ හෝ වැන්දඹුවකගේ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථාවෝචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් ගෙවිය යුතු බව සඳහන් වෙනවා. එම වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා නිවසක් නොසපයන අවස්ථාවක දී විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් දිය යුතු බව. නමුත් මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සැපැයීමට නොහැකි වෙලා නැහැ. පසුගිය රජය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සම්පාදනය කරලා අවසන්. එම නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් එම වගන්තිය වැදගත් වන්නේ නැහැ.

පසුගියදා ජනාධිපතිතුමා වගේම මෙම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයා වන නලින්ද ජයතිස්ස ඇමැතිවරයාත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණා. එබඳු ප්‍රකාශයක් කිරීමට පෙර නීතිය පිළිබඳ විශාරදයකුගෙන් කරුණු කාරණා විමසා බලන ලෙස ඉල්ලා සිටිනවා. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ලියුම් ලියන්න හෝ යන්න කියන්න අවශ්‍ය නැති බව. 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒක රටේ නීතිය. එම නීතිය උල්ලංඝනය කරන්න බැහැ. එම නිසා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා හෝ වෙනත් නිලධාරියකු මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ලියුමක් යොමු කරනවා නම් එම පනතට අනුව ඔහු වැරදිකාරයෙක් වෙනවා. ඒ වගේම එම නිලධාරීන්ට කවදා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුවන් බවත් ප්‍රකාශ කළ යුතුයි.”

නීතිඥ අතුල ද සිල්වා තවදුරටත් කියාසිටියේ, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව ඉවත් කළහොත් බලයේ සිටින ජනාධිපතිවරුන් බිත්තියට හේත්තු කර තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට කර ගැනීමේ අවස්ථාව දෙමළ ඩයස්පෝරාවට සහ පාතාලයට හිමිවන බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories