2026 ජූලි 31 සිකුරාදා, 16:21
නවතම පුවත්

මහා ශිව රාත්‍රිය අදයි

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන හා ශිව රාත්‍රි දිනය අද (26) දිනට යෙදී තිබේ.

හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රිය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය මහා ශිව රාත්‍රිය යන්නයි.

විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ ගැටුමේ දී ශිව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝකය කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයාගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවැසූ බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ. ඒ අනුව විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මිහිගැබ හාරමින් ද මහා බ්‍රහ්මයා හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත ගියද ඔවුන් දෙදෙනාට එහි දෙකළවර සොයා ගැනීමට නොහැකි විය. මෙම හේතුවෙන් හින්දු බැතිමතුන් ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට විශ්වාස කරනු ලබයි.

ඒ අනුව ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන මහා ශිව රාත්‍රි දිනය ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රි දිනය සමරනු ලබයි.

දැඩි ශිව බැතිමතකු වූ රාවණ රජුගේ මරණින් පුසු ලංකාවට ඇතිවන ශාපයයෙන් මිදීම සඳහා රාවණා රජුගේ වන්දනාවට පාත්‍ර වූ දේවාල ද ඇතුළත්ව ලංකාව වටකොට ඊශ්වර දේවාල පහක් ඉදිකරවන ලදී.

පංචේශ්වර නමින් හඳුන්වන මෙම දේවාල මන්නාරම තිරුකේතිෂ්වරම් යාපනය (කීරිමලේ) නගුලේෂ්වරම්, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම්, හලාවත මන්නේෂ්වරම් මඩකලපුව තාන්තෝන්ඩේෂ්වරම් නම් විය. මෙම දේවාල පහේම පිහිටි ශිවලිංගම් ස්වභාවිකව පහළ වූ (ස්වයංභූලිංගම්) හෝ දෙවියන් විසින් අතින් සාදන ලද ඒවා බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories