2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:02
නවතම පුවත්

ක්‍රිකට් තේරීම් කමිටුව නීත්‍යානුකූලයි..! හිතවත්කමට පත් කරලා නෑ..!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල පටිපාටියකට අනුව සිදු කළ බවත්, එහිදී පුද්ගල හිතවත්කම්වලට ඉඩක් නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි.

ඒ අනුව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් පත් කර ඇති බව අමාත්‍යාංශය තහවුරු කළේය.

නව තේරීම් කමිටු සාමාජිකයින්:

  1. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති)
  2. ඉන්දික ද සේරම්
  3. තරංග පරණවිතාන
  4. විනෝදන් ජෝන්
  5. රසංජලී ද අල්විස්

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ මෑතකදී නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම පත්වීම් සිදු කර ඇත. නව ගැසට් නිවේදනයට අනුව, තේරීම් කමිටුව කාන්තා ක්‍රීඩාවන් ද අධීක්ෂණය කරන්නේ නම් කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය වේ.

“ගැසට් නිවේදනයේ අවශ්‍යතාවය පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ප්‍රථම වරට කාන්තාවක් ඇතුළත් කර තිබෙනවා,” යනුවෙන් හිටපු ජාතික ක්‍රීඩිකාවක වන රසංජලී ද අල්විස්ගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

පොදු මහජනතාව යෝජනා කරන විකල්ප පුද්ගලයින් පත් කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රීඩා නීතියට අනුව පත්වීම් කළ යුත්තේ නිශ්චිත ක්‍රමවේදයකට බව පැහැදිලි කළේය:

  • ක්‍රිකට් ආයතනය විසින් නම් 10 දෙනෙකුගෙන් සමන්විත ලේඛනයක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අමාත්‍යවරයා විසින් එම ලේඛනයෙන් පස් දෙනෙකු වසර දෙකක කාලයක් සඳහා තෝරා ගනු ලබයි.
  • “මහජනතාව කියන පළියට අමාත්‍යවරයාට කැමති අය පත් කරන්න බැහැ. ප්‍රසිද්ධ චරිත වුවද නිල ලේඛනයේ නම නොමැති නම් ඔවුන්ව සලකා බැලිය නොහැකියි,” අමාත්‍යවරයා පැවසීය.

මීට පෙර සභාපති ලෙස කටයුතු කළ උපුල් තරංග මහතාගේ නිල කාලය අවසන් වීමෙන් පසු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙම ධුරයට පත් විය. ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තේරීම මෙම නව කමිටුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories