2026 ජූලි 29 බදාදා, 03:37
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි – පාඨලී අනතුරු අඟවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ අද (මැයි 03) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයාගේ මෑතකාලීන ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ රජය කරුණු දෙකක් ඉටු නොකිරීම හේතුවෙන් ඊළඟ වාරිකය පිළිබඳ තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නොගැනීමට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටෙනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.
රණවක මහතා පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
• ණය ප්‍රතිව්‍යූහගතකරණය: ඉදිරිපත් කර ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර නොමැත. ද්විපාර්ශ්වික ආයතනවලින් අවශ්‍ය සහතික තවමත් ලැබී නොමැත.
• ශ්‍රී ලංකන් ගුවන් සේවය: මහින්ද රාජපක්ෂගේ කාලයේ ලබාගත් ඩොලර් මිලියන 175ක බැඳුම්කර ගැටලුව විසඳීමට වත්මන් රජය අපොහොසත් වී ඇත. අයවැයෙන් රුපියල් බිලියන 20ක් ශ්‍රී ලංකන් සඳහා වෙන් කිරීම ගැටලු සහගතය. එමෙන්ම ශ්‍රී ලංකන් මිලදී ගැනීමට උනන්දුවක් දැක්වූ අයෙකු එහි ප්‍රධාන තනතුරට පත් කිරීම සැක සහිත බව ඔහු කීය.
• තෙල් මිල: ලෝක වෙළඳපොලේ තෙල් මිල 25%කට වඩා අඩු වී තිබියදී ලංකාවේ අඩු කර ඇත්තේ 3%ක පමණ සුළු ප්‍රමාණයකි. තෙල් මිල පිළිබඳ ව්‍යාජ ප්‍රස්ථාරයක් ඉදිරිපත් කර ජනතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමඟ යැවීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
• විදුලි බිල: ජනාධිපතිවරයා විදුලි බිල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වී වැරදි ප්‍රකාශ සිදුකර ඇත. මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට දුන් පොරොන්දුව ඉටු කර නොමැත. ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ බව පිළිගෙන තිබුණද, විදුලි බිල සහනයක් ලබා දීමට රජය මැලිකමක් දක්වයි. නොමිලේ ලැබෙන හරිත බලශක්තිය කප්පාදු කර ඩීසල් සහ ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් පාඩු පෙන්වා ගාස්තු වැඩි කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බරපතල ලෙස ජනතාව නොමඟ යවන බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වී විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහය වළක්වන ලෙසත්, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories