2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:08
නවතම පුවත්

මනූෂට ඇප එපාලු ?

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉවත් කරගැනීමට නීතීඥයන් කටයතු කර ඇත.

මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ මණ්ඩලයක් විසින් අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර පසුගිය 20 වැනිදා එය සළකා බලනු ලැබුවේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කරුණු අනාවරණය නොවන බවය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ අතර, ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් පැය හයක ප්‍රකාශයක් ලබාදුන්නේය.

අපේක්ෂිත ඇප අයැදුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පෙත්සම අද දිනයේදී යළිත් සළකා බැලූ අතර, පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් පරීක්ෂණවල වර්ධනයන් ගැන විමසා සිටි අතර, හිටපු අමාත්‍යවරය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව සදහන් කිරීම නිසා අපේක්ෂිත ඇප අයැදුම්පත්‍ර පෙත්සම ඉවත් කරගැනීමට නීතීඥන් කටයතු කර තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories