2026 ජූලි 29 බදාදා, 20:04
නවතම පුවත්

මහාපරිමාණ වංචා රැසක් – වහාම සමුපකාරවලින් ණය දෙන වැඩේ අත්හිටුවයි

සියලුම සමුපකාර, ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන පවසයි.

සමුපකාරවලට ඡන්ද මගින් තේරීපත් වූ නිලධාරීන් විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ මහරගම බැංකුව ඇතුළු ග්‍රාමීය බැංකුවලට සම්බන්ධ සැළකිව යුතු වංචාවන් කිහිපයක් අනාවරණ වී ඇති බවයි.

රත්මලාන ග්‍රාමීය බැංකුවේ ඊට සමාන මුදලක් ද, ගම්පහ බැංකුවේ රුපියල් මිලියන 750 කට ආසන්න වංචනික ක්‍රියාකාරකම්ද සිදුකර ඇතැයි නි‍යෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මුදල් රැස්කර ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන සමුපකාර ආයතන නැවත දැනුම්දෙන තුරු ලියාපදිංචි කිරීමට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කරයි.

ඊට අමතරව මේ වන්විටත් එවැනි මූල්‍ය වංචාවලට හසුව සිටින ගනුදෙනුකරුවන්ට සාධාරණය ඉටු කරන බවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මෙම ගැටළු විසඳීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීමට සූදානම් බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories