2026 ජූලි 26 ඉරිදා, 02:43
නවතම පුවත්

වසර 5ක අපරාජිත වාර්තාව රැකගැනීමේ අභියෝගය සමඟ වනිඳු අවසන් තරගයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම මට්ටමේ පසුවන පසුබිමක, ශ්‍රී ලංකාව සතු වසර පහක ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අපරාජිත වාර්තාව රැකගැනීම සඳහා අද තරගයේ ජයග්‍රහණය සත්කාරක කණ්ඩායමට අතිශය වැදගත් වේ.

මෙම තීරණාත්මක තරගය සඳහා මීට පෙර තරගවලදී විවේක ගන්වා සිටි ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවත කණ්ඩායමට කැඳවන බව නායක චරිත් අසලංක තහවුරු කළේය. එසේම දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙෆ්‍රි වැන්ඩර්සේ ද අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අසලංක සඳහන් කළේ පවන් රත්නායකගේ පිතිකරණ ස්ථානය කණ්ඩායමේ සාමූහික තීරණයක් වුවද, පෞද්ගලිකව ඔහුට ඉදිරි ස්ථානයක් ලබාදීම සුදුසු බව තමන් විශ්වාස කරන බවයි.

පසුගිය තරගයේදී තණතීරුව පිළිබඳව එංගලන්ත නායක හැරී බෲක් පළ කළ විවේචන ප්‍රතික්ෂේප කළ අසලංක, දෙපිලම එක්ව ලකුණු 440ක් රැස් කළ තරගයක තණතීරුව පිළිබඳව එවැනි අදහසක් දැක්වීම තේරුම් ගත නොහැකි බව පවසා සිටියේය. 2021 වසරේ සිට මෙරටදී කිසිදු එක්දින තරගාවලියක් පරාජය වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම, එම ගෞරවය රැකගැනීමේ අරමුණින් අද පස්වරු 2.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories