2026 ජූලි 31 සිකුරාදා, 06:00
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාර තිහකට වඩා සහභාගි වෙලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඇති අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවටත් විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගි වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම ඔහු පසුගිය කාල සීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙලෙස එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ය.

පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමි වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණක් වන අතර, පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියෙකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories