2026 ජූලි 31 සිකුරාදා, 20:08
නවතම පුවත්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුමට පුටින්ගේ අවධානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වී ඇති යුද ගැටුම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දැඩි අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ට අනුව, දෙරට අතර මතුව ඇති ගැටුම් සම්බන්ධයෙන් රුසියාව “කනස්සල්ලෙන්” පසුවන බව සඳහන් කර ඇත. ඉරානය රුසියාවේ සමීප මිතුරෙකු වන බැවින්, මෙම ගැටුම පිළිබඳව පුටින්ගේ අවධානය විශේෂයෙන් යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර, ටෙල් අවීව් හි පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් රුසියානු පුරවැසියන්ට ඊශ්‍රායලයට යාමෙන් වළකින ලෙසට අනතුරු අඟවා ඇති අතර, දැනටමත් රට තුළ සිටින රුසියානු ජාතිකයින්ට “තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු හැකි අය ඊශ්‍රායලයෙන් පිටව යා යුතු” බවට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශීය ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත්, ආරක්ෂිත ප්‍රදේශයන් හි රැඳී සිටින ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, සිය රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය. මෙම ප්‍රහාර සම්බන්ධව ඊශ්‍රායලයට “වේදනාකාරී ඉරණමක්” සූදානම් කර ඇති බවත්, එය නිසැකවම ඉදිරියේදී ඊශ්‍රායලයට දැක ගත හැකි බවත් ඉරානයේ උත්තරීතර නායකවරයා පවසා ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම තත්ත්වය, මැදපෙරදිග කලාපයේ පමණක් නොව, ගෝලීය වශයෙන්ද දැඩි නොසන්සුන්තාවක් ඇති කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories