ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරය.ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.
ජනාධිපතිවරණයේ අවසන් ජන රැළිවලට ට්‍රම්ප් සහ හැරිස් අද දිනයේ සහභාගී වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පූර්ව ජනමත සමීක්ෂණ අනුව දෙදෙනා අතරේ කරට කර තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සමීපක්ෂණ අනුව, කමලා හැරිස්ට සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක් ද ට්‍රම්ප්ට සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවනු ඇතැයි වාර්තා වේ. කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව පසුකරන බවක් පෙන්නුම් නොකරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාද දිනයේය.පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවත් අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් වාසිදායක මට්ටමක් පෙන්නුම් කරන අතර. මිචිගන්, විස්කොන්සින් වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තහවුරු කරයි.
අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන් සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත් ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
දැනට කමලා හැරිස් සතුව පවතින මිචිගන් ජනපදය ඩැහැ ගැනීමට ද ට‍්‍රම්ප් මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් මාතෘකා කීපයක් යටතේ තම ඡන්ද සටන පවත්වයි. එයින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමෙරිකන් ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව ද වැදගත් මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානයට යොමු වී ඇත. හෙට (5) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.
ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින් ජනදය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවින්, ජනපද රැසක වැසියෝ මේ වනවිටත් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන් බව ද පැවැසෙයි. ඒ අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ මිනිත්තු 40 ක් පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.
පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවත් අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් වාසිදායක මට්ටමක් පෙන්නුම් කරන අතර. මිචිගන්, විස්කොන්සින් වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක් පෙන්නුම් කරයි.
අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන් සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත් ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
දැනට කමලා හැරිස් සතුව පවතින මිචිගන් ජනපදය ඩැහැ ගැනීමට ද ට‍්‍රම්ප් මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් මාතෘකා කීපයක් යටතේ තම ඡන්ද සටන පවත්වයි. එයින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමෙරිකන් ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව ද වැදගත් මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානයට යොමු වී ඇත