2026 ජූලි 27 සඳුදා, 05:46
නවතම පුවත්

රජරට ආචාර්ය සංගමයේ වැඩ වර්ජනය තීව්‍ර වෙයි

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර ඇති බව වාර්තා වෙයි.

විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවුලෙන් වියවුලට පත්කර ඇති බවට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් චෝදනා කරයි.

එයට විරෝධය පා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ “අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට” ප්‍රතිචාර වශයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කළ බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසයි.

වත්මන් වැඩ බලන උපකුලපතිවරයා සහ ලේඛකාධිකාරීවරිය විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා, අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

මෙම අත්තනෝමතික සහ අනීතික පරිපාලන ක්‍රියාවලිය ඇතුළු පසුගිය මාස කීපය තුළ සිදුවූ විවිධ දේශපාලන අතපෙවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් චෝදනා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories