2026 ජූලි 29 බදාදා, 08:30
නවතම පුවත්

ලංවිම සේවකයින් 2,200කගේ අනාගතය අවිනිශ්චියි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවක පිරිසක් සිය සේවා විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් එම සේවකයින් පෙන්වා දෙන්නේ, 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නව සමාගම් වෙත අනුයුක්ත නොවූ සේවකයින් ලෙස තමන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් (VRS) සඳහා ඉල්ලුම් කළ බවයි.

කෙසේ වෙතත්, මෙම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න සේවක පිරිස මේ වන විට සිය අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇති බව වාර්තා වේ. ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත නිශ්චිත දිනය ප්‍රකාශයට පත් නොවීම සහ එම ක්‍රියාවලිය දිනෙන් දින ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් මෙම කටයුත්ත තවත් ප්‍රමාද වී ඇති බවත්, ඒ හේතුවෙන් තමන්ගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති බවත් එම සේවකයින් පවසයි.

මේ පිළිබඳව වහා අවධානය යොමු කර, ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයින්ට විශ්‍රාම යෑමට නියමිත දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස එම සේවක පිරිස සිය ලිපිය මගින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories