2026 ජූලි 28 අඟහරුවාදා, 05:17
නවතම පුවත්

මුජිබර් පසුපස සැක සහිත පිරිසක් පන්නයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සම්බන්ධ බව ප්‍රකාශ කළ පිරිසක් විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සම්බන්ධයෙන් දීර්ඝ විමසීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ගල්කිස්සේ පිහිටි මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට පසුගිය සිකුරාදා (දෙසැම්බර් 12) දින පැමිණි මෙම කණ්ඩායම, මන්ත්‍රීවරයා ගැන තොරතුරු විමසා ඇත. මේ පිළිබඳව රහුමාන් මහතා විසින් CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

සහෝදරියගේ නිවසට පැමිණි පිරිස, මන්ත්‍රීවරයා විසින් ‘සිම් කාඩ් පතක් නැතිවීම’ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් ගැන සොයා බැලීමට පැමිණි බව මුලින් ප්‍රකාශ කර ඇත. එහෙත්, තමන් එවැනි පැමිණිල්ලක් කිසිසේත්ම කර නොමැති බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

ඊට පෙර අවස්ථාවලදී ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත. මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අවස්ථාවක, කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායමක් ඔහුගේ බිරිඳගෙන් තොරතුරු විමසා තිබේ. තවද, ඊටත් පෙර අවස්ථාවක, CID නිලධාරීන් බව කියාගත් පිරිසක් බිරිඳගේ බොරැල්ලේ පිහිටි මවගේ නිවසටද පැමිණ මන්ත්‍රීවරයා ගැන විමසා ඇත.

මෙම අඛණ්ඩ ක්‍රියාදාමය, තමන්ව අනියම් ලෙස බිය ගැන්වීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් ලෙස තමා සැක කරන බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, “මෙවැනි පහත් ක්‍රියාවලින් තමා බිය ගැන්විය නොහැකි” බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories