2026 ජූලි 29 බදාදා, 07:27
නවතම පුවත්

සාපෙළ පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථය හරස් කල චණ්ඩියා

අපොස සාපෙළ විභාග පිළිතුරු පත්‍ර රැගෙන හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ධාවනය වූ වෑන් රථයේ මඟ හරස් කිරීමේ සිදුවීමක් නොර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වුණු අතර මෙහිදී වෑන් රථයේ ගමන් ගත් විභාග මධස්ථානයේ ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට ඊයේ (18) දින පස්වරුවේ ත්‍රිරෝද රථ රියදුරු බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්ත විභාග මධ්‍යස්ථානයේ ඊයේ පැවති අපොස සාපෙළ විභාගයේ අවසන් වීමෙන් පසු එහි පිළිතුරු පත්‍ර ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත භාරදීම සඳහා ශාලාධිපතිවරයාගේ පෞද්ගලික වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පුලියාවත්ත පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ත්‍රිරෝද රථ රියදුරා විසින් වෑන් රථය මෙලෙස අවහිර කර තිබීම නිසාවෙන් ශාලාධිපතිවරයා ත්‍රිරෝද රථ රියදුරාට රථය ගේට්ටුවෙන් ඉවත්කර ගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.

ත්‍රිරෝද රථය ඉවත් නොකරගත් නිසා විභාග ශාලාධිපතිවරයා විසින් තම වෑන් රථය දැඩි පරිශ්‍රමයක් දරා මාර්ගය හරස්කර තිබූ ත්‍රිරෝද රථයේ නොගැටී වෑන් රථය ඉදිරියට ධාවනය කර ඇත.

පසුව ත්‍රීරෝද රථ රියදුරු වෑන් රථය මීටර් 500ක් පමණ දුරට පසුපස හබාගෙන විත් වෑන් රථය හරස්කර ත්‍රිරෝද රථය නතර කර වෑන් රථයේ සිටි ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට බැන වැදුණු බවට එම විභාග ශාලාධිපතිවරයා විසින් නොර්වුඩ් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු පැවසුවේ, අදාළ ත්‍රිරෝද රථ රියදුරා හඳුනාගත් බවත්, ඔහු පුලියාවත්ත දමිළ පාසල අසල ත්‍රිරෝද රථ ධාවනය කරමින් සිටින අයෙකු බවය.

පරීක්ෂණයේ දී අනාවරණය වූයේ, පාසලේ ගේට්ටුව අවහිර කිරිම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයා සහ ත්‍රිරෝද රථ රියදුරා අතර වචන හුවමාරුවක් සිදු වී ඇති බවත්, එයට උරණ වු ත්‍රිරෝද රථ රියදුරා වෑන් රථය ලුහුබැඳ විත් වෑන් රථය හරස් කර ඇති බවත් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories