ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 225ක් රැස්කර ගැනීමට සමත් විය.
බංග්ලාදේශ පිල පන්දුවාර 46 පන්දු 3කදී සියලුදෙනා දැවී එම ලකුණු සංඛ්‍යාව රැස්කර ගත්තේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු සවාඩ් අබ්රාර් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 49කි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කවීජ ගමගේ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.