2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:13
නවතම පුවත්

ආර්ථික මධ්‍යස්ථාන 14ක් පෞද්ගලික සමාගමකට?

දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට පැවරීමට රජය සූදානම් වන බවට සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියෙන් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. මෙම තීරණය වහාම ඉවත් කර නොගතහොත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කරන බවට එම සමිතිය රජයට අනතුරු අඟවා ඇත.

ඊයේ (ජූලි 13) දඹුල්ලේදී පැවති විශේෂ සාකච්ඡාවකදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කළේය. “එකම දිනක, එකම වෙලාවක ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධතා පැවැත්වීමට, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට” එහිදී තීරණය වූ බවද ඔහු පැවසීය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පසුගිය මැයි මස 7 වැනිදා අමාත්‍ය මණ්ඩලයට විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් සීමිත සමාගමක් ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත. මෙම සංදේශය සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන නියෝජනය කරන සියලුම පාර්ශ්වයන් අවධාරණය කරන්නේ, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ නිසි ලෙස ලියාපදිංචි වී නොමැති පෞද්ගලික සමාගමකට මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන බදු දීමට ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති බවයි. “මෙම කැබිනට් සංදේශය වහාම හකුළා නොගන්නේ නම්, පසුගිය ආණ්ඩු වලට සිදු වූ විපත මෙම රජයටත් සිදුවනු ඇතැයි” ඔවුහු පවසති.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම නියෝජනය කරමින් පැවති සාකච්ඡාවේදී, මෙම තීරණයට එරෙහිව සමූහයක් ලෙස ක්‍රියා කිරීමට තීරණය කර ඇත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ රජය මෙම තීරණයෙන් පසුබසින ලෙසයි. එසේ නොවුණහොත්, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමා පුළුල් විරෝධතා මාලාවක් දියත් කිරීමටත්, අවශ්‍ය නම් නීතිමය පියවර ගැනීමටත් ඔවුන් සූදානම්ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories