ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව, 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8ක කාලය තුළ වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ මහ බැංකුව නිකුත් කළ 2025 අගෝස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවේය.
එම වාර්තාව අනුව, වසරේ තනි මාසයකදී සිදු වූ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසය සඳහා වාර්තා වී ඇති අතර, එය ඩොලර් මිලියන 255.7ක් ලෙස සටහන් වේ.